ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් පස් දෙනෙක් ඉවත් කෙරේ.

0
1433
- Advertisement -

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව හෙට සිට ආරම්භ වන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කර තිබුණු ශ්‍රී ලංකා සංචිතයෙන් නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සදකැන්,ළහිරු මධුසංක, ධනුෂ්ක ගුණතිලක සහ අමිල අපෝන්සු ඉවත් කර ඇත.

තරගාවලියට පෙර නම් කළ විසිදෙනෙකුගෙන් සමන්විත සංචිතය සදහා මෙම ඉවත් කෙරෙනු ක්‍රීඩකයන්ගෙ නම් ද ඇතුලත් වී තිබුණා.

කෙසේ වෙතත් ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, අකිල ධනංජය සහ ළහිරු කුමාර, බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියට නම් කර ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දෙවන එක්දින තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − five =