ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ.

0
936
- Advertisement -

2019 ලෝක කුසලානය අවසන් වීමත් සමගම ICC ය විසින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව මෙම තරඟාවලිය පුරා වසර දෙකක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟාවලියට අදාලව ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු ටෙස්ට් තරගය ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී නිමාවට පත් වුණා.

ඒ ශ්‍රී ලංකාවට ජය හිමිකර දෙමින්.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ත ශුරතාවලියේ ලකුණු ලබාදීමේ පටිපාටියට අනුව මේ වනවිට ලකුණු 60ක් හිමිවී තිබෙනවා.

මේ හේතුවෙන් සමස්ත තරඟාවලි සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත වුණා .