ශශී වීරවංශ අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරයි.

0
2298
- Advertisement -

ශශී වීරවංශ අත් අඩංගුවට ගන්නා ලෙස
වරෙන්තු නිකුත් කරයි.

විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සදහා ව්‍යාජ ලියකියවිලි භාවිතා කිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාලව ශශී වීරවංශ අත් අඩංගුවට ගන්නා ලෙස, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තබා ගැනීම සම්බන්ධයෙන් ශශී වීරවංශට චෝදනා එල්ල වී තිබේ.