ශවේන්දා නිසා එක්සත් ජාතීන්ගෙන් ප‍්‍රශ්නයක්.

0
610
- Advertisement -

සාම සාධක හමුදාව සඳහා මින් ඉදිරියට ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් බඳවා නොගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය තීරණය කර තිබේ.

යුද අපරාධ සිදු කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කර තිබියදීත් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ධුරය සඳහා ෂවේන්ද්‍ර සිල්වා පත් කිරීම මෙම තීරණයට හෙතු වු බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රකාශකයෙකු වන ෆර්හාන් හක් මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගත් මෙම තීරණය පිලිබඳ තම සංවිධානය කණගාටුවන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මේවන තෙක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් සාම සාධක හමුදාවට එක්ව සිදු කළ සේවය සඳහා සිය ස්තූතියටද පුද කර අතර ජාත්‍යන්තර සංකීර්ණ යුද මෙහෙයුම්වලදි ශ්‍රී ලංකික සේබළුන් කළ සේවය ද ඔහු අගයා ඇත.

කෙසේ වෙතත් මේ වන විට සාම සාධක හමුදා මෙහෙයුමවල නිරතව සිටින ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් නැවතත් ශ්‍රී ලංකාවට යැවීමට එළඹේන මාසයේ සිට කටයුතු කරන බවද ඔහු නිවේදනය කර තිබේ.

මේ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත දැනුම් දී ඇති බවද සඳහන් වේ.

-ada derana-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =