ශවේන්ද්‍ර සිල්වාට කැනඩාවත් එරෙහි වෙයි.

0
845
- Advertisement -

යුද හමුදාපති ධූරය සඳහා ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම, සහජීවනය සහ වගවීම සම්බන්ධ කි‍්‍රයාවලියට බලපෑමක් ඇති කරන බව කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ, ඔහුට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල වී ඇති බැවින්, ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙම පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය අවධානය යොමු කර ඇති බවයි.