ශක්තිකට ඇප ලැබේ.

0
722
- Advertisement -

කෙටි කතාවක් ලිවීමෙන් බුදු දහමට නිගරු කරන ලදැයි පවසමින්, මාස හතරකට වඩා වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණ ලේඛක ශක්තික සත්කුමාරට කුරුණෑගල මහාධිකරණය අද ඇප ලබා දී තිබේ.

ලේඛකයාට එරෙහිව, අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ චෝදනා ගොනු කරමින්, පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය 2019 අපේ‍්‍රල් 01 වෙනිදා, ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි. ඒ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.