වෝහාරික වාර්තාවෙන් ද නිවැරදිකරුවෙකු කර ඇති මා අත්අඩංගුවට ගැනීමට යන්නේ කාගේ බලපෑමකට ද…?

0
235
- Advertisement -
Share

ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කරන ලද සෑම විමර්ෂණයකින් ම තමන් නිවැරදි කරු වී තිබියදී තමන් අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් දී තිබීම ගැටළු සහගත බව, හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස් බුක් ගිණුමේ තබා තිබූ සටහන පහත පරිදි වේ.

2016 වසරේ දී බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට මට චෝදනා එල්ල වූ විට, මම මගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණෙමි. එසේම බැඳුම්කර සිද්ධිය පිළිබඳව ස්වාධීන සහ ගැඹුරු පරීක්ෂණයක් ඉල්ලා සිටියෙමි.

පසුව නිකුත් කරන ලද සෑම විමර්ශන වාර්තාවක්ම මෙන්ම මෑතක දී නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙන් ද මා නිදහස් කර ඇත.

එසේ තිබිය දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පැය 12 කටත් අඩු කාලයකදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීම කාගේ දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව සිදුවූවක් ද යන්න කුතුහලයට කරුණකි.

ඇත්ත වශයෙන්ම මෙම නඩුව වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ පැවතුනි.

යුක්තිය පසිඳලීම යුක්තිය ප්‍රතික්ෂේප කරනු ලැබුවද, සත්‍යය හෙළි වනු ඇතැයි මට විශ්වාසයි.

– රවී කරුණානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 8 =