වෛරස් අවදානම ඉහළ ලන්ඩනයේ සිට ගුවන් යානාවක් පැමිණේ.

0
428
- Advertisement -

වෛරස් අවදානම ඉහළ ලන්ඩනයේ සිට
ගුවන් යානාවක් පැමිණේ.

වඩාත් බලවත් නව වෛරස් ප‍්‍රභේදයක් පිළිබදව වාර්තා වීමත් සමග, එක්සත් රාජධානිය සමග ගුවන් ගමන නතර කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළේ ය.

ඒ නමුත්, පසුගිය බදාදා සන්ධ්‍යාවේ දී එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි මගීන් පිරිසක් රැුගත් ගුවන් යානාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බව වාර්තා වේ.

රජය, එක්සත් රාජධානිය සමග ගුවන් ගමන නතර කිරීමට තීරණය කරන අවස්ථාව වන විටත්, එම ගුවන් යානාව, අදාල පිරිස ලංකාවට රැුගෙන ඒම සදහා පිටත්ව ගොස් තිබුණු බව, මේ පිළිබදව අදහස් දක්වමින්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබුණි.

ගුවන් යානාවෙන් පැමිණි පිරිස සහ කාර්ය මණ්ඩලය නිරෝධානය සදහා යොමු කර ඇති බව පැවසේ.