වෛද්‍ය සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද පළමුවරට කැඳවයි

0
941
- Advertisement -

එහිදී වෛද්‍යවරයා විසින් සිදු කරනු ලැබූ බව පැවසෙන වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළ චෝදනා සහ අයථා ලෙස වත්කම් උපයා ගැනීමට අදාළ චෝදනා විභාග කරනු ඇති බවයි පැවසෙන්නේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (27) පළමුවරට කැඳවනු ලබනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.