වෛද්‍ය සංගමයේ ඇඟිලි ගැහිල්ලෙන්පී.එච්.අයි. සටන දුරදිග යයි

0
472
- Advertisement -
Share

වෛද්‍ය සංගමයේ ඇඟිලි ගැහිල්ලෙන්පී.එච්.අයි. සටන දුරදිග යයි

•චාමර පල්ලේගෙදර

සිය වැඩවර්ජනයට තුඩු දී ඇති ගැටලු විසඳා ගැනීමට නොහැකි වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනිසි මැදිහත්වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

කොවිඩ්-19 රෝග තත්ත්වය පාලනය සම්බන්ධයෙන් නීතිමය බලතල ක්‍රියාත්මක කිරීම පිණිස බලයලත් නිලධාරීන් ලෙස පත් නොකිරීමට විරෝධය පළ කරමින් පසුගිය 17 වැනිදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය සේවා කටයුතුවලින් ඉවත් වූහ. එම ඉවත්වීමෙන් සිදුවන අවහිරතා ඉවත් කර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි සේවයේ නියුතු වෙනත් කාර්ය මණ්ඩලයන් යොදාගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ. එම ප්‍රකාශ හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය තවත් ව්‍යාකූල වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි. කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග දිගින් දිගටම පැවැත් වූ සාකච්ඡාවලදී සාධනීය තත්ත්වයක් දැක ගැනීමට හැකි වුවද එය නිසියාකාරව ඔවුන්ට විසඳීමට නොහැකි වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනිසි මැදිහත්වීම නිසා බවද හෙතෙම කීවේය.

එම නිසා පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුම් ලබා දෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිගටම ක්‍රියාත්මක කරන බවද උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − eleven =