වෙළඳපොලේ දුම්වැටි හිඟයක්

0
406
- Advertisement -
Share

මේ වනවිට වෙළඳපොලේ දුම්වැටි හිඟයක් මතුව ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

මිලිමීටර් 67 ට වැඩි 72 ට නොවැඩි දුම්වැටි වර්ග සඳහා පනවා තිබූ බදු, පසුගියදා මුදල් අමාත්‍යාංශය විසින් ඉහළ දැමූ අතර, දුම්කොළ සමාගම මෙම ගැසට් නිවේදනයට අනුව මෙතෙක් මිල වැඩි නොකිරීම මීට හේතුව බවයි එහි අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් කියා සිටියා.

පසුගිය 11 වනදා සිට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක විය යුතු බව සඳහන් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊට අත්සන් තබා තිබුණේ ජූලි මස 10 වනදායි.

ඒ අනුව අදාළ කාණ්ඩයේ දුම්වැටි දහසක් සඳහා අය කළ රුපියල් 20,500 ක් වන සුරාබදු රුපියල් 37,000 දක්වා ඉහළ දැමුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − seven =