වූහාන් සිට ගෙනා සිසුන් 33 දෙනා පෙබරවාරි 16 දියතලාවෙන් මුදාහරී.

0
352
- Advertisement -

චීනයේ වූහාන් ප‍්‍රදේශයේ සිට ගුවන් මගින් මෙරටට ගෙනැවිත්, දියතලාව හමුදා රෝහලේ නේවාසිකව තබාගෙන සිටි සිසුන් තිස් තුන් දෙනා, ලබන දහසය වනදා මුදා හරින බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මෙම සිසුන් 33 දෙනා මෙරටට ගෙන එන ලද්දේ පෙබරවාරි පළමු වැනි දා ය.

ඔවුන් සියලූ දෙනා එදා සිට මේ දක්වා සමීපව නිරීක්ෂණය කළද, ඔවුන්ගෙන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බවයි වෛද්‍යවරයා පවසන්නේ. ඒ අනුව, අදාල සිසුන් 33 දෙනා, එළැඹෙන 16 වන දා ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාර දීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + seven =