වී ගබඩා කිරීමෙන් මත්තලට වූ හානිය ගණනය කරයි.

0
204
- Advertisement -

2015 වසරේ මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා, මත්තල ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ ඇති ගබඩා අංගන භාවිතා කිරීමට වී අලෙවි මණ්ඩලය විසින් තීරණය කර ලැබී ය.

වී අලෙවි මණ්ඩලයේ එකී තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා එල්ල විය.

යහපාලන රජයේ දූෂණ අක‍්‍රමිකතා සෙවීමට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසමේ අවදානයද මේ කෙරෙහි යොමු වී තිබුණි.

ඒ අනුව, මත්තල ගුවන් තොටුපොළ පරිශ‍්‍රයේ වී ගබඩා කිරීමෙන් අදාල පරිශ‍්‍රයට සිදු වූ හානිය ගණනය කර බැලීම සඳහා පසුගිය දා, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, මත්තල ගුවන් තොටුපළේ පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවක යොමු වූ අතර, එහි වාර්තාව, අද ජනාධිපති විමර්ෂණ කොමිසම වෙත භාර දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + six =