විසිවෙනි දා අළුත් පාර්ලිමේන්තුවට පිල්ලෙයාන් ද පැමිණෙයි.

0
237
- Advertisement -

විසිවෙනි දා අළුත් පාර්ලිමේන්තුවට
පිල්ලෙයාන් ද පැමිණෙයි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිතබන්ධානාගාරගතව සිටින, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට, ලබන විසි වෙනිදා පැවැත්වෙන අළුත් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සදහා සහභාගී වීමට අධිකරණය මගින් අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ඇප ලබා ගැනීමට සමත් වුවහොත්, ඔහුට කැබිනට් අමාත්‍යධූරයක් ලබා දීමට පොහොට්ටු පක්ෂයේ ඉහළ දේශපාලන නායකත්වය පොරොන්දු වී ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.