විසිවන සංශෝධනය;
පාර්ලිමේන්තු විවාදය ආවරණය කිරීමට පැමිණි සියළු මාධ්‍ය වේදීන්
ස්වයං නිරෝධායනයට යොමු කරයි.
ඔක්තෝබර් මාසයේ 21 සහ 22 යන දිනයන් හී දී පැවති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළබද පාර්ලිමේන්තුව විවාදය ආවරණය කිරීමට පැමිණි සියළුම මාධ්‍යවේදීන්, අනිවාර්යයෙන් ම ස්වයං නිරෝධායනයට යොමු විය යුතු බව දැනුම් දී තිබේ.
ඊට හේතුව වී ඇත්තේ, සන්ඬේ ටයිම්ස් පුවත්පත නියෝජනය කරමින්, එකී පාර්ලිමේන්තු විවාදය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියා, කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බැවිනි.
