“විස්ස මගේ. ඒ නිසා විස්ස හැදුවේ කවුද කියා හොයන්න මහන්සි වෙන්න එපා.” ජනපති අරුණ පුවත්පතට කියයි.

0
365
- Advertisement -
Share
4 / 100

“විස්ස මගේ. ඒ නිසා විස්ස හැදුවේ කවුද කියා
හොයන්න මහන්සි වෙන්න එපා.”
ජනපති අරුණ පුවත්පතට කියයි.

20 වගකීම ජනපති භාරගනී

විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කිරීමේ වගකීම තමා භාරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ‘අරුණ’ට ප්‍රකාශ කළේය.

ජනතාවට දේශන පවත්වනවා වෙනුවට පසුගිය ජනාධිපතිවරණයේදී තමා ජනතාව අතරට ගොස් ජනතාවට වුවමනා දේ විමසා ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දුන් බව ජනාධිපතිවරයා කීය. රට අකර්මණ්‍ය කරන රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම අහිමි කළ, ඒ නිසාම පාස්කු ප්‍රහාරය බදු ඛේදවාචකයකට මගපෑදූ, එසේම මැතිවරණ කල්දැමෙන, රට අරාජික කළ දහනව වෙනි ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස එම ජනතාව ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කියා සිටී.

තමන්ට ලක්ෂ 69ක් ජනතාව ඡන්දය දී එසේම තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ රට අරාජික කළ මෙම දහනව වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට බවත් ඒ සඳහා තමන් විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16වැනිදා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ප්‍රකාශ කළේය.

‘විස්ස කියන්නේ අමුතු දෙයක් නොවෙයි. දහඅටට. දහ අටත් තුනෙන් දෙකෙන් සම්මත කරලා ඒක යටතේ වැඩ කළ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ අය දන්නවා 18 යටතේ රට අරාජික වුණාද නැද්ද කියලා. ඒක යටතේ ඡන්ද පැවැත්වුවාද ප්‍රජාතන්ත්‍රවාදය රැකුණාද නැද්ද කියලත් ඒ අය දන්නවා. මට ඕනෑ ජනතාව තුනෙන් දෙකක ජනවරමක් දීලා බලාපොරොත්තු වෙන පූර්ණ ව්‍යවස්ථාවක් ගෙනෙන තුරු රට ඉදිරියට ගෙනියන්න. කොවිඩ් 19 නිසා ලෝකෙම වැටිලා. ඒත් අපි ඒක සාර්ථකව ජය අරගෙන ඉවරයි. ජනතාව දන්නවා අපි වේගෙන් වැඩකරන බව. පූර්ණ ව්‍යවස්ථාවක් හදනතුරු බලා ඉන්න බෑ. අවශ්‍ය සං​​ශෝධන ගේන්න ඉඩ තියලා මම මේ 20 වැනි ව්‍යවස්ථා සං​ශෝධනය ගෙනාවා. 19 වගේ එන්.ජී.ඕ. හෝ විදේශ බලපෑම්වලට යටවෙලා නොවෙයි මං ගෙනාවේ.

20 හැදුවේ මමයි. ඒ නිසා ඒක හැදුවේ කවුද කිය කියා කාලේ නාස්ති කරන්න එපා.

aruna/Epaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × two =