විස්ස ගැන ජනපති – අගමැති ප්‍රධානත්වයෙන් අද සවසත් තීරණාත්මක සාකච්ඡාවක්..!

0
209
- Advertisement -
Share
4 / 100

විස්ස ගැන ජනපති – අගමැති ප්‍රධානත්වයෙන්
අද සවසත් තීරණාත්මක සාකච්ඡාවක්..!

යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන් අද සවස, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මුණ ගැසීමට නියමිත බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
අමාත්‍ය විමල් වීරවංශ මහතා උපුටා දක්වමින්, පුවත්පත වැඩි දුරටත් පවසා ඇත්තේ, මෙම සාකච්ඡාව සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාන්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත බවයි.

මෙහිදී, විසිවන සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමට තමන් අපේක්ෂා කරන බවද පක්ෂ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා තිබේ.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන්, මෙම රජය බලයට පත් කිරීම සදහා මහත් සේ කැපවුණු ජාතික බලවේග සහ ආණ්ඩුවට සහාය දක්වම ප්‍රධානතම භික්ෂූන් වහන්සේ ලා ඔවුන්ගේ විරෝධය පළ කර ඇති බව පවසන විමල් වීරවංශ අමාත්‍යවරයා, එම විවේචන සදහා සාධනීය ප්‍රතිචාරයක් ලබා දිය යුතු බවද අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 14 =