“විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය රේගුවට පත් කළේ අවුරුදු දෙකකට පමණයි”; ජනපති කියයි. “ඒත් එපා..!” රේගු වෘත්තීය සමිති කියයි.

0
617
- Advertisement -

නව අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය මහතා රේගුවට පත් කළේ වසර දෙකක කාලයකට පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රේගු වෘත්තීය සමිති වෙත ප‍්‍රකාශ කර තිබේ.

අදාල කාල සීමාවෙන් පසුව, එම ධුරය රේගුවේම ජ්‍යෙෂ්ඨයෙකුට හිමිවන ලෙස කටයුතු කරන බවටද ජනාධිපතිවරයා රේගු වෘත්තීය සමිති වෙත පොරොන්දු වී තිබේ. එම තීරණයට තමන් විරුද්ධ බව, රේගු වෘත්තීය සමිති පවසයි.

කෙසේ වෙතත්, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් රවිප‍්‍රිය මහතාගේ පත් කිරීමට එරෙහිව මැතිවරණ සමයේ දී වෘත්තීය කි‍්‍රයාමාර්ග නොගන්නා බව පවසන රේගු වෘත්තීය සමිති, අදාල පත් කිරීම අවලංගු නොකරන්නේ නම්, මැතිවරණය අවසන් වූ පසුව වැඩ වර්ජනයක් කැදවන බවද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =