විශ්‍රාමික විනිසුරුවරයෙක් ජාතික රෝහලේ 5 වැනි මහලින් බිමට පැන සියදිවි නසා ගනී

0
823
- Advertisement -
Share

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරු සිරිසේන කඩවතආරච්චි මහතා රෝහල් ගොඩනැගිල්ලේ 5 වැනි මහලින් බිමට පැන සියදිවි නසාගෙන ඇතැයි මරදාන පොලිසිය පවසයි.

කොළඹ මහාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයෙක් වන ඒ මහතා දිවි නසාගන්නා විට 88 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා නාරාහේන්පිට, ඇල්විටිගල මහල් නිවාසවල පදිංචිව සිටියේය.

මෙම හිටපු මහාධිකරණ විනිසුරුවරයා දියවැඩියාව ඇතුළු තවත් රෝග කීපයකට අදාළව කොලඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇත.

පසුව ඔහුගේ වෛද්‍ය පුතු ඔහුව කොලඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස දිවි නසාගෙන ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා මියගොස් සිටි ස්ථානයට පැමිණි කොලඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මුලික හදිසි මරණ පරීක්ෂණය සිදු කර ඇත.

පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයාගේ වෛද්‍ය පුතු වන සුසන්ත කඩවතආරච්චි (45) යන අය සාක්ෂි ලබා දී ඇත.

එසේම මෙම මියගිය විනිසුරුවරයා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ ප්‍රධාන හෙද නිලධාරිනිය මෙම මස 13 වැනිදාට උසාවියට ඉදිරිපත් කරන්නැයි මරණ පරීක්ෂකවරිය පොලිසියට නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + sixteen =