විවිධ අදහස් තියෙන්ඩ පුළුවන්. නමුත්, දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි. අධිකරණ අමාත්‍ය අලි සබ්රි

0
283
- Advertisement -
Share

විවිධ අදහස් තියෙන්ඩ පුළුවන්. නමුත්, දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි. අධිකරණ අමාත්‍ය අලි සබ්රි


දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බව, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ළමා අපයෝජන සිද්ධීන් විනිශ්චය කිරීම සදහා වෙනම අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද ඒ මහතා පවසයි.

ළමා අපයෝජනය, සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු බව පවසන අධිකරණ අමාත්‍යවරයා, බොහෝ විට දරුවන් අපයෝජනයට ලක්වන්නේ දරුවාගේ විශ්වාසය දිනාගත් සමීපතමයන් අතින් බවද පවසයි.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් විවිදාත්මක තත්ත්වයක් පසුගිය සමයේ දී ඇති විය. කෙසේ වෙතත්, කරුණු වසංකිරීමේ හැකියාවක් නැති බව අධිකරණ අමාත්‍යවරයා පවසයි. ලිංගිකත්වය සහ ඊට අදාල කරුණු පිළිබදව දරුවන් දැනුවත් කළ යුතුව ඇති බව, අධිකරණ අමාත්‍යවරයා දැඩි ලෙස විශ්වාස කරන බව පෙනී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 10 =