විරු ස්මාරකය බිද දැමීම. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය-ජවිපෙ සහ අන්තරේ – විරෝධය දක්වති.

0
274
- Advertisement -

විරු ස්මාරකය බිද දැමීම.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය-ජවිපෙ සහ අන්තරේ – විරෝධය දක්වති.


යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ ඉදිකර තිබුණු විරු ස්මාරකය බිද දැමීම නොකළ යුතුව තිබූ දෙයක් යැයි, විශ්ව විද්‍යාල ආචාර්යවරුනගේ සමිති සම්මේලනය, ජනතා විමුක්ති පෙරමුණ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් පවසා ඇති බව, අද මෝර්නිං පුවත්පත සිය මුල් පුවතෙන් දක්වා තිබේ.

විරු ස්මාරකය, ශිෂ්‍ය ප‍්‍රජාවන් අතර සමගියට හානියක් නොවන බවත්, එය බිද දැමීමෙන් පසුව, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපත් කළ අදහස් දැක්වීම නම්, සමගියට හානියක් විය හැකි බව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා ඇතැයි පුවත්පත වාර්තා කරයි.

යුද්ධය අවසන් අදියරේ දී වෙල්ලිමුල්ලි වයික්කාල් හී දී මියගිය පිිරිස් අනුස්මරණය සදහා මෙම ස්මාරකය ඉදිකර තිබුණු අතර, පසුගිය දා එම ස්මාරකය ඩෝසර් කර ඉවත් කරන ලදී.
ඊට විරෝධය පාමින් අද දිනයේ දී උතුරු නැගෙනහිර දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට ද නියමිත ය.