විරුද්ධ වෙනවද ? එන්නැතිව ඉන්නවද . . ? මෛත‍්‍රීගේ තීරණය හෙට…!

0
718
- Advertisement -

අයවැය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ පූර්ණ බලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙන බව එක්සත් ජනතා නිදහස් සංධානය පවසයි. අයවැයට පක්ෂව ඡුන්දය දීමට එක්සත් ජනතා නිදහස් සංධානය කිසිසේත්ම සූදානම් නැති බව පැවසෙන අතර, අයවැයට විරුද්ධව ඡුන්දය දෙනවාද නැත්තනම්, ඡුන්දය විමසන අවස්ථාවේ දී ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා ද යන්න හෙට දිනයේ තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත් තමන් කණ්ඩායමක් ලෙස ජනාධිපති වැය ශීර්ෂයට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කරන බව, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ විශ්වාසවන්ත සගයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. මේ අතර, එජාප පසුපෙළ මන්ත‍්‍රීවරු කියා සිටින්නේ තමන් ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමට තමන් කටයුතු කරන බවයි.