වියත් මගේ ඉන්න හමුදා නිළධාරීන්ට මන්ත‍්‍රීවරු වෙන්න දෙන්න බෑ..!

0
617
- Advertisement -

වියත් මග සමග සම්බන්ධ වී සිටින විද්වත් පිරිස් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වීමේ ඉඩක් තිබෙන බව පවසන වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා, එසේ නමුත්, වියත් මග සමග සම්බන්ධ වී සිටින හමුදා නිළධාරීන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමේ සූදානමක් තමන්ට නැති බව ද පවසයි.

වියත් මග හා සම්බන්ධ වී සිටින සරත් වීරසේකර මහතා මීට පෙරද දේශපාලනයේ නිරතව සිටි නිසා දේශපාලනය කිරීමට ඔහුට ඉඩ දීම තමන්ට ගැටළුවක් නැති බවයි ඔහු පවසන්නේ.

සති අන්ත රාවය පුවත්පතට සම්මුඛ සාකච්ඡවක් ලබා දෙමින් වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා ඉහත අදහස් පළ කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත්, ඔහු තමන් වටා සිටින විශ‍්‍රාමික හමුදා නිළධාරීන් පාලනයට හවුල් කර ගනීවි යන සැකය බොහෝ දෙනා තුළ පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 7 =