වියත්මගේ චන්න ජයසුමනත් මැතිවරණ නීති උල්ලංඝණය කර හසු වේ.

0
1299
- Advertisement -
Share

චන්න ජයසුමනගේ මැතිවරණ ප්‍රචාරක ටී ෂර්ට් 50ක් සමග අයෙක් කොටු

•පර්සි කුරුනේරු – අනුරාධපුර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීධුර අපේක්ෂක මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමනගේ නම සහ මනාප අංකය මුද්‍රණය කළ ටී ෂර්ට් 50 ක් අනුරාධපුර මෛත්‍රිපාල සේනානායක මාවතේ පිහිටි ඇඟලුම් ආයතනයක මසමින් තිබියදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අනුරාධපුර කාර්යාලයේ සහ අනුරාධපුර පොලිස් මැතිවරණ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (22 වැනිදා) සොයා ගෙන ඇත.

එම ඇඟලුම් ආයතනයේ හිමිකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ජාතික මැතිවරණ කොමිසමට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

“චන්න සර් සමග අපි – රජරට තරුණ ශක්තිය” නමින් සකස් කරමින් තිබූ එම ටී ෂර්ට් 50 ක තොගයෙන් 26 ක් සම්පුර්ණයෙන්ම මසා නිම කොට තිබී ඇති අතර අනෙක් ඒවා අඩක් මසා නිම කොට තිබී ඇත. රජරට තරුණ ශක්තිය නමැති සංවිධානයක අනුග්‍රහයෙන් සකස් කරමින් තිබී ඇති එම ටී.ෂර්ට්වල අදාළ සංවිධානයේ නම සහ ලාංඡනයද මුද්‍රණය කර තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (22 වැනිදා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අරුණ පුවත්පත 23.06.2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + one =