වියත්මගේ චන්න ජයසුමනගේ ආධාර කරුට පොහොට්ටුවේ ම පිරිසක් පහර දෙති.

0
610
- Advertisement -
Share

වියත්මගේ චන්න ජයසුමනගේ ආධාර කරුට
පොහොට්ටුවේ ම පිරිසක් පහර දෙති.

වියත්මග නියෝජනය කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරගවදින මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ආධාර කරුවකුට, ඔයාමඩුව ප්‍රදේශයේ දී , පොහොට්ටු පක්ෂයේ ම වෙනත් අපේක්ෂකයෙකුගේ ආධාර කරුවන් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වේ.

පහරකෑමට ලක්ව ඇති පුද්ගලයාට අදාල පිරිස පහර දී ඇත්තේ, ඔහු මහාචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් ජනහමුවක් සංවිධානය කර ඇති බැවිනි.

තමන්ට පහර දුන්නේ පොහොට්ටු පක්ෂයේම පිරිසක් බව පහරකෑමට ලක් වූ තැනැත්තා සදහන් කරයි.

මේ වන විටත් ඔහු අනුරාධපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පහරදීම සිදුවන අවස්ථා වේ, ඒ අසල සිටි පොලිස් නිළධාරීන් මැදිහත් නොවන්න, අදාල මැරයන් තමාව මරා දමන බව, පහරකෑමට ලක් වූ පුද්ගලයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − 10 =