විමල්ව අවතක්සේරු කරන්න දෙන්න බෑ. පක්ෂ 12 ක නායකයෝ විමල්ගේ නිවසේ රැස් වෙති.

0
545
- Advertisement -

විමල්ව අවතක්සේරු කරන්න දෙන්න බෑ.
පක්ෂ 12 ක නායකයෝ විමල්ගේ නිවසේ රැස් වෙති.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ සුළු පක්ෂ 12 ක නායකයන්, මීට සුළු මොහොතකට පෙර, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්ව තිබේ.

පොහොට්ටු පක්ෂයේ බොහෝ පිරිසක් පසුගිය දින කිහිපයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා විවේචනයට ලක් කළ අතර, මෙම හමුව, එවැනි පසුබිමක පැවැත්වීම විශේෂත්වයකි.

ආණ්ඩු බලය ලබා ගත් දිනයේ සිට සතියේ සෑම අගහරුවාදාකම පක්ෂ නායක රැස්වීමක් පැවති බවත්, මෑතක සිට එම පක්ෂ නායක හමුව සිදු නොවන බැවින්, පක්ෂ දොලහක නායකයන් මෙසේ රැස්වීමට තීරණය කළ බවත්, අමාත්‍ය උදයගම්මන්පිල මහතා පවසා සිටියේ ය.

පොහොට්ටු පක්ෂයේ පිරිස් විමල් වීරවංශ අමාත්‍යවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් ද උදය ගම්මන්පිල අමාත්‍යවරයා සිය පිළිකුළ ප්‍රකාශ කළේ ය.