විමල්ගේ කෝටි හත හමාරේ අල්ලස් නඩුව ජනවාරි 27 විභාගයට.

0
1032
- Advertisement -

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ විමල් වීරවංශ අමාත්‍යවරයා, 2009 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි ආකාරයට කෝටි හත හමාරකට ආසන්න මුදල් හා දේපළ ප‍්‍රමාණයක් උපයාගෙන තිබුණි.

මෙකී මදල් සහ දේපළ අමාත්‍යවරයා උපයාගෙන ඇත්තේ අල්ලස් මගින් බවට සදහන් කරමින්, විමල් වීරවංශ අමාත්‍යවරයාට අධිචෝදනා ගොනු කොට තිබේ.

පසුගිය දා මෙම නඩුව කැදවූ අවස්ථාවේ දී අමාත්‍යවරයා, තමන්ට කැබිනට් රැුස්වීම සදහා සහභාගීවීමට අවශ්‍ය බව කියමින් නඩුවට පෙනී සිටීමෙන් වැළකී සිටියේ ය. කෙසේ වෙතත්, නඩුව නැවත ජනවාරි මාසයේ 27 වෙනිදා ට යළි කැදවා තිබේ.