විභාගය ලියන්න පර්දාව ඇදගෙන ආ සිසුවියෝ ආපසු හරවා යවයි.

0
1610
- Advertisement -

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සදහා පර්දාව ඇදගෙන පැමිණි සිසුවියන් පිරිසක්, විභාග ශාලාධිපතිවරයා විසින් ආපසු හරවා යැවූ පුවතක් වාර්තා වේ.

මෙසේ ආපසු හරවා යවා ඇත්තේ, කැකිරාව, කඩාටුගම මුස්ලිම් පාසලේ විභාග මධ්‍යස්ථානයට පැමිණි මුස්ලිම් ජාතික සිසුවියන් පිරිසකි.

අදාල දැරිවියන් නැවත සේලයකින් මුහුණ ආවරණය කරගෙන විභාග ශාලාවට පැමිණ ඇති අතර, ඉන් පසුව ශාලාධිපතිවරයා විසින් ඔවුන්ට විභාගයට පෙනී සිටීම සදහා අවසර ලබා දී තිබේ.

මුස්ලිම් සිසුවියන්ගේ පාසල් නිල ඇදුමට පර්දාව අයත් වන අතර, පාසල් නිල ඇදුම සදහා රෙදි ලබා දීමේ දී, පර්දාව සදහා ද රෙදි ලබා දෙයි.

මෙම අපහසුතාවයට මුහුණ දී ඇත්තේ ඉස්ලාම් ආගම ප‍්‍රශ්න පත‍්‍රයට උත්තර ලිවීම සදහා පැමිණි සිසුවියන් පිරිසකි.

මේ සම්බනධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පැවසේ.
– දෙසැම්බර් 03 වන දා ලංකාදීප පුවත්පත ඇසුරෙනි-