විපක්ෂනායක කම සජිත්ට ලබා දීම සදහා සජිත්පිල ගේමට බසී.

0
924
- Advertisement -

අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ, රනිල් වික‍්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පත් කරන ලෙස, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත්, විපක්ෂ නායකධූරය සදහා වඩාත් සුදුසු වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා නොව, ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වූ සජිත් පේ‍්‍රමදාස මහතා බවට වූ කතිකාවක්, එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය විසින් ගොඩ නගා තිබුණි.

විපක්ෂ නායක ධූරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු බවට යෝජනා කළ එකී පිරිස්, අද සන්ධ්‍යාවේ දී, සජිත් විපක්ෂ නායක කරන ලෙස ඉල්ලා සිටිමින, කතානායකවරයාට ලිපියක් භාර දී ඇති බව වාර්තා වේ. මෙම ලිපිය සදහා සජිත් පිල නියෝජනය කරන මන්ත‍්‍රීවරු 45 දෙනෙකු අත්සන් තබා ඇති බව ද පැවසේ.