විනිසුරු පක්ෂග‍්‍රාහීයි..! හැව්ලොක් චෝදනා කරයි.

0
490
- Advertisement -
Share

පසුගිය සති අන්තයේ, මහනුවර කී‍්‍රඩා සමාජය සමග පැවති ”ඩයලොග් රග්බි ලීග්” තරගය යළි විමර්ෂණය කරන ලෙස, හැව්ලොක් කී‍්‍රඩා සමාජය, ශ‍්‍රී ලංකා රග්බි ආයතනයෙන් ඉල්ලා සිටියි.

2020 ජනවාරි 21 වන දා යොමු කරන ලද ලිපියක් මගින්, හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ සභාපති, රොමේෂ් අබේවික‍්‍රම මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. ලිපිය යොමු කර ඇත්තේ, ශ‍්‍රී ලංකා රගර් සභාපති, ලසිත ගුණරත්න මහතා වෙතයි. පසුගිය ඉරිදා රාත‍්‍රියේ, හැව්ලොක් ක‍්‍රීඩාංගනයේ පැවති තරගයේ දී, හැව්ලොක් පිල 22-12 ක් ලෙස තරගයෙක් පරාජයට පත් වූ අතර, විනිශ්චය අපක්ෂපාත නොවීම ද තරග පරාජයට එක් හේතුවක් වූ බව හැව්ලොක් සමාජය පවසයි.

හැව්ලොක් ක‍්‍රීඩා සමාජ බලධාරීන් පවසන්නේ, තරගයේ විනිසුරුවරයා වූ අඛීල් ජමාල්ඞීන්, නුවර කණ්ඩායමට පක්ෂපාත වූ බවයි. තර`ගය පැවති දිනට දින දෙකකට පෙර දී, ජමාල්ඞීන්ගේ පත්වීම සම්බන්ධයෙන්, හැව්ලොක් ක‍්‍රීඩා සමාජය සිය විරෝධය නිළ වශයෙන් ප‍්‍රකාශ කර තිබුණු බවද හැව්ලොක් ක‍්‍රීඩා සමාජය සිය ලිපියේ සදහන් කර තිබේ. සමස්ත තරගාවලියේ ප‍්‍රතිඵලය කෙරෙහි මෙය බලපෑ හැකි බැවින් විදෙස් විනිසුරුවරයෙකුගේ සහාය ලබා ගන්නා ලෙස ද හැව්ලොක් ක‍්‍රීඩා සමාජය තරගයට පෙර ඉල්ලා තිබුණි.

ජනවාරි 21 යොමු කර ඇති ලිපියෙන් හැව්ලොක් ක‍්‍රීඩා සමාජය මෙසේ ද පවසයි; ” තීරණ 12 කට වඩා වැඩි ගණනක් හැව්ලොක් පිලට අවාසිසහගත ලෙස ලබා දුන් බව අපගේ විශ්වාසයයි. එම තීරණ අතරට, හැව්ලොක් කණ්ඩායමට ලබා දිය යුතුව තිබුණු පැනල්ටි දෙකක් – නුවර පිළට ලබා දීමද ඇතුළත් ය.

විනිසුරු ජමාල්ඞීන් පක්ෂපාතීව හැසුරුණු බවට පෙන්විය හැකි අවස්ථා 12 ක වීඩියෝ සාක්ෂි ද, හැව්ලොක් කණ්ඩායම ඔවුන්ගේ ලිපිය සම`ග ශ‍්‍රී ලංකා රග්බි ආයතනයට යොමු කර තිබේ.

විනිසුරු ජමාල්ඞීන්ගේ පත්වීමට එරෙහිව, හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ සභාපති අබේවික‍්‍රම විසින් ශ‍්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ගුණරත්න වෙත, ජනවාරි මාසයේ 16 වන දා යොමු කර තිබෙන ලිපියේ මෙසේ සදහන් කර තිබේ; ”විනිසුරු ජමාල්ඞීන්ගේ පත්වීමට අප එරෙහි වන්නේ, ඔහුගේ පත්වීම ”ළබැදියාවන් අතර ගැටුමක්” [conflict of interest] නිර්මාණය කරන බැවිනි. විනිසුරු ජමාල්ඞීන්ගේ සහෝදරයා නුවර ක‍්‍රීඩා සමාජයට කී‍්‍රඩා කළ ක‍්‍රීඩයෙකු වීමත්, විනිසුරු සංගමයේ ප‍්‍රධානියා වන ජමාල්ඞීන්ගේ පියාට, දීර්ඝ කාලයක් තිස්සේ නුවර ක‍්‍රීඩා සමාජයේ අනුග‍්‍රාහකයා සමග සමීප සම්බන්ධතා පැවතීමත් මේ තත්ත්වයට හේතු වේ.”

”මින් ඉදිරියට, හැව්ලොක් ක‍්‍රීඩා සමාජය තරග වදින තරග විනිශ්චය කිරීම සදහා විනිසුරු ජමාල්ඞීන් පත් නොකරන ලෙසට හැව්ලොක් ක‍්‍රීඩා සමාජය ඉල්ලා සිටියි. වරෙක වඩාත් උණුසුම් ක‍්‍රීඩාවක් බවට පත්ව තිබුණු රගර් ක‍්‍රීඩාවේ උත්කර්ෂවත් බව මරා දැමීමටත්, රගර් තරග සදහා මේ වන විට අඩු පේ‍්‍රක්ෂක සහභාගීත්වයක් ලැබීමටත් වගකිව යුත්තේ අපගෙ ඉල්ලීම් පැහැර හරින රගර් ක‍්‍රීඩාවට සම්බන්ධ ඉහළ නිළධාරීන් බව පැවසීම අවශ්‍ය නොවේ.”

”නුවර කණ්ඩායම සමග තරගය යළි පවත්වන යැයි අපි ඉල්ලා නොසිටමු. නමුත්, අවම වශයෙන් ඉදිරියේ දී මෙවැනි අනීතික තත්ත්වයන් නිර්මාණය වීම වළක්වා ගැනීමට අපට අවශ්‍ය යි;” හැව්ලොක් ක‍්‍රීඩා සංගමයේ සභාපති රොමේෂ් අබේවික‍්‍රම මහතා මාධ්‍ය හමුවේ දී පැවසී ය. කෙසේ වෙතත්, පසුගිය අගහරුවාදා සවස් වන තෙක්, ශ‍්‍රී ලංකා රගර් ආයතනයෙන්, හැව්ලොක් ක‍්‍රීඩා සමාජය යොමු කර තිබෙන ලිපියට ප‍්‍රතිචාර ලැබී තිබුණේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − twelve =