විනිසුරු තිළිණ ගමගේට එරෙහි නඩුවට දින දෙයි.

0
626
- Advertisement -

බලපත‍්‍රයක් නොමැතිව, නීති විරෝධී ලෙස අලි පැටියෙකු ළග තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින, කොළඹ හිටපු අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව පවරා තිබෙන නඩුව, නොවැම්බර් 06 වන දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

සකුරා නමැති ඇත් පැටවා,නීති විරෝධීව ළග තබා ගැනීමෙන්, හිටපු මහේස්ත‍්‍රාත්වරයා මහජන දේපළ පනත උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල විය.

මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාගේ සේවය,පසුගිය ජූලි මාසයේ සිට අත්හිටුවා තිබේ.

එවකට හිටපු වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් විනිසුරුවරයාට එරෙහිව පැමිණිලල ඉදිරිපත් කර තිබුණි.