විනිසුරු ගිහාන් පිලපිටිය අත් අඩංගුවට ගන්න. නීතිපති නැවතත් දැනුම් දෙයි.

0
493
- Advertisement -

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථන සංවාද පැවැත්වූ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස මිට පෙර නියෝග ලබාදී දින 18ක කාලයක් ගත වන තෙක් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට සිය නොසතුටද පළකර ඇත.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සහ විනිසුරු ගිහාන් පිලපිටිය සමග දුරකථන සංවාද පවත්වා ඇත්තේ නුගේගොඩ සහ කොළඹ අධිකරණ බල සීමාවේදී බව හෙළිවී ඇත.

බැවින් එම අධිකරණ හරහා අද (11) දිනයේදීම වරෙන්තු ලබා ගෙන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කර සිටියේ.

neth news.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + twelve =