“විනයගරුක රටක් හදන ජනාධිපති කාර්ය සාධක බලකාය; සමාජයට ප්‍රශ්නයක් විය හැකියි.” එජාපය පවසයි.

0
187
- Advertisement -
Share

“විනයගරුක රටක් හදන ජනාධිපති කාර්ය සාධක බලකාය; සමාජයට ප්‍රශ්නයක් විය හැකියි.” එජාපය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, සුරක්ෂිත, විනයගරුක, ගුණවත් හා නීත්‍යනුකූල සමාජයක් ගොඩ නැගීම සදහා පිහිටුවන ලද, ජනාධිපති කාර්යසාධක බලකාය සම්බන්ධයෙන්, එක්සත් ජාතික පක්ෂය සිය විරෝධය පළ කර තිබේ.

මෙකී ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත්තේ පිළිගත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව බවත්, එකී කාර්ය සාධක බලකායේ සංයුතිය මුළුමනින්ම මිලිටරීකරණය කර තිබෙන බවත්, එජාපය චෝදනා කරයි.

එමෙන්ම මෙම කාර්ය සාධක බලකාය, ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන සමාජ විරෝධී කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමේ අනතුරක් තිබෙන බවද එජාපය පවසයි.

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා, මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 14 =