විදේශ සේවා පන්නිපිටිය පුහුණු කඳවුරේ මගඩියක්

0
195
- Advertisement -

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ සිදුවූ මහා පරිමාණ වංචාවක් රජයේ විගණන නිලධාදීන් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.

පළමු වරට විදේශ ගතවන ශ්‍රමිකයන්ට දෙදින පුහුණුවක් ලබා දී එය දින 21ක පුහුණුවක් ලෙස වංචනිකව හුවාදක්වමින් පුහුණු සහතිකය ලබාදීම සම්බන්ධයෙන් රජයේ විගණන අංශ විසින් කරුණු අනාවරණය කරගනු ලැබ ඇතැයි කාර්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම වංචාවට කාර්‍යංශයේ ඉහළ නිලධාරියෙකුගේද සහය ලැබී ඇතැයි ද විගණන නිලධාරීන් හදිසියේ පැමිණ කළ පරීක්ෂණයෙන් හෙළිවී තිබේ

සාමාන්‍යයෙන් පළමු වරට රට යන කාන්තාවන්ට දින 21ක පුහුණුව ලබාදෙන අතර දින 150කට වඩා කාලයක් විදේශ රැකියාවක සිටී එහෙත් පුහුණු සහතිකයක් හෝ විදේශ රැකියාවක් කළ බවට ඔප්පු කළ හැකි සහතිකයක් නොමැති අයට දෙන දෙකක පුහුණුවක් ලබා දීම කාර්‍යංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරේ. එහිදී සිදුවන්නේ එම ශ්‍රමිකයාට අරාබි භාෂාවේ ඇති හැකියාව සොයා බැලීමයි

එක් ශ්‍රමිකයෙකුගෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මෙම ජාවාරම්කරුවන් විසින් ලබාගෙන ඇති බවට ද කරුණු හෙළි වී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 7 =