විදේශයන්හී සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මව්බිමට ගෙන ඒම අත්හිටුවයි.

0
1945
- Advertisement -
Share

විදේශයන්හී සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මව්බිමට ගෙන ඒම අත්හිටුවයි.

කන්දකාඩු පුනරුත්ථාපන කදවුරෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් රැසක් හමුවීමත් සමග, විදේශයන් හී සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන ඒමේ වැඩ සටහන තාවකාලිකව අත් හිටුවීමට රජය තීරණය කර ඇති බව, ජනාධිපති අතිරේක ලේකම්, ජයනාත් කොළඹගේ මහතා පවසා ඇති බව පුවත් වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර තිබේ.

අදාල තීන්දුව එළැඹෙන 14 වන දා, එනම් අගහරුවාදා සිට බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

දැනට රටතුළ පවතින නිරෝදායන මධ්‍යස්ථානවල ඉඩ කඩ ප්‍රමාණවත් නොවීමත්, කන්දකාඩුවෙන් හමු වූ ආසාදිතයන් ඇසුරු කළ පිරිස් සහ ඔවුන්ගේ ඥාතීන් නිරෝධායනයට යොමු කළ යුතුව ඇති නිසාත්, රජය මෙම තීරණයට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, මෙම තීරණය ක්‍රියාත්මක වන්නේ ලබන අගහරුවාදා දිනයේ සිට බවයි මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 9 =