විදේශයන්හි සිරවූ ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම නැවතත් තාවකාලිකව අත්හිටුවයි.

0
898
- Advertisement -
Share

විදේශයන්හි සිරවූ ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම
නැවතත් තාවකාලිකව අත්හිටුවයි.

කෝවිඞ් වසංගතය හේතුවෙන් විදේශයන් හි සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන ඒම, නැවත වරක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ, හෙට පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් බව, ජනාධිපති අතිරේක ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ආරක්ෂක අංශ නිළධාරීන් සහ සෞඛ්‍ය අංශ නිළධාරීන් හෙට පැවැත්වෙන මැතිවරණය සමග සම්බන්ධවන නිසා, විදේශයන් හි සිට ගෙන්වන පිරිස් නිරෝධායනයට යොමු කිරීම සහ සිදු කළ යුතු අත්‍යවශ්‍ය සෞඛ්‍යමට කටයුතු කිරීමට නොහැකි වීම මෙසේ ඔවුන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට හේතු වී තිබේ.

ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වීම තාවකාලිකව අත්හිටවූවද, නැවත අගෝස්තු මාසයේ අවනදා සිට එම ක්‍රියාන්විතය අරඹන බව ද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =