“විදේශයන්ගේ සිට පැමිණෙන ප්‍රභූවරු; පී.සී.ආර්. නොකරති. නිරෝධායනය ද නොවෙති.” රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

0
315
- Advertisement -
Share

විදේශයන්ගේ සිට පැමිණෙන ප්‍රභූවරු;
පී.සී.ආර්. නොකරති. නිරෝධායනය ද නොවෙති.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් හදුන්වා දී තිබෙන අත්‍යවශ්‍ය නිර්දේශ, ඇතැම් ප්‍රභූවරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බවට, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

විදේශයන්ගේ සිට මෙරටට පැමිණෙන සෑම අයෙකුම, රට තුළට ඇතුළු වූ මොහොතේ දී ම පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය විය යුතු ය. ඔවුන් සියළු දෙනාම, රජය විසින් නිර්දේශ කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයක දින දා හතරක අනිවාර්යය නිරෝධායනයට ලක්විය යුතු ය. එමෙන්ම, ඒ සියළු පිරිස්, දින දාහතරක නිරෝදායන කාලය අවසන් කළ පසුව, නැවත පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුවිය යුතුය.

මෙම අනිවාර්ය මාර්ගෝපදේශ, ඇතැම් ප්‍රභූවරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොබව බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යංශය මගින්, සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කරමින් බෝරාවරුන්ට රට තුළට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ.

එමෙන්ම, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට ඔහුගේ නිවසට යෑම විදේශ කටයුතු අමාත්‍යංශය මගින් අවසර දී තිබේ.

ඊට අමතරව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව, සීෂෙල්ස් සහ මාලදිවයින වැනි රටවල සිට මෙරටට පැමිණෙන රෝගීන්ට පෞද්ගලික රෝහල් වෙත ඇතුළු වීමට අවසර ලබා දී තිබේ.

මේ සිදුවීම් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + thirteen =