විදෙස් ආයෝජකයෝ කොටස් වෙළද පොළෙන් ඉවත් වීම නිසා රුපියල් බිලියන 93 ක් රජයට අහිමි වෙයි.

0
791
- Advertisement -

නවතම දත්ත වලට අනුව විදේශ ආයෝජකයින් රජයේ සුරැකුම්පත් හා කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීම හේතුවෙන් මේ වසරේ මැයි 21 දක්වා රුපියල් බිලියන අනූතුනක් රජයට අහිමි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දර්ශකයන් හෙළි කරන පරිදි මෙම රු. බිලියන අනූතුනෙන් රුපියල් බිලියන 81.4 ක් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින් ශුද්ධ පිටතට ගලායෑම් වන අතර ඉතිරිය කොළඹ කොටස් වෙළඳපොළෙන් පිටතට ගලා යෑම්ය. පසුගිය වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග 2019 සමස්ත වසරේ මෙරටට අහිමිවූ මුදලට වඩා පසුගිය මාස පහක කාලය තුළ අහිමිව ඇති ප්‍රමාණය ඉහළ ගොස් ඇත. එලෙස 2019 ජනවාරි 01දා සිට 2019 දෙසැම්බර් 31 දා දක්වා ශුද්ධ විදේශ අදායම් පිටතට ගලා යෑම රුපියල් බිලියන 72 ක් විය.

•නයන තරංග ගමගේ @aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 9 =