විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වීම. දැනට 19,000 ක් ඇවිත්. තවත් 50,000 ක් එන්න බලන් සිටියි.

0
149
- Advertisement -
Share

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වීම.
දැනට 19,000 ක් ඇවිත්.
තවත් 50,000 ක් එන්න බලන් සිටියි.
වැඩි දෙනෙක්ට රැකියා අහිමි වෙලා.

කොරෝනා අවදානම හේතුවෙන්, යළි මව්බිමට පැමිණීමට අවශ්‍යව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් මේ වනවිට ගෙන්වාගෙන ඇති බව, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඊට අමතරව, තවත් පනස් දහසකට වඩා වැඩි පිරිසක් මව්බිමට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවද ඔහු සදහන් කර සිටියි.

රටවල් අනු තුනකින් පනස් දහසකට වඩා වැඩි පිරිසක් නැවත මව්බිමට පැමිණීම සදහා පොරොත්තු ලේඛනයේ රැදී සිටියි. මේ පිරිසෙන් වැඩි දෙනෙක්, කොරෝනා වසංගතය හේතුවෙන්, විදේශයන් හී ඔවුන් වෙතෙක් කරමින් සිටි රැකියා අහිමිවූවන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + 10 =