විදුලිය අර්බුදයේ සැබෑ හේතුව හදුන්නෙත්ති පහදයි.

0
658
- Advertisement -

රට තුළ උද්ගතව ඇති විදුලිය අර්බුදයට හේතුව විදුලිය උත්පාදනය කිරීමට ප‍්‍රමාණවත් තරම් වර්ෂාව නොමැති වීම හෝ වෙනත් ස්වභාවික ගැටළුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. අනාගත විදුලිය අර්බුධය පිළිබදව පුරෝකථනය කරමින් මහජන උපයෝගීතා කොමිසම විසින් කරනු ලබන අනතුරු ඇගවීම් විදුලි බල මණ්ඩලය විසින් නොතකා හැරී වර්තමාන විදුලිය අර්බුදයේ ප‍්‍රධාන හේතුව බව ඔහු පවසයි. මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ නොතකා හරින විදුලි බල මණ්ඩලය – හදිසි මිලදී ගැනීම් ඔස්සේ වැඩි මිලට විදුලිය මිලට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව ඔහු පවසයි. එසේ කරන්නේ කොමිස් ලබා ගැනීමේ හැකියාව ඒ මගින් උත්පාදනය වන නිසා බවද ඔහු පවසයි. මෙම විදුලිය මාෆියාව පිටු පස විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන්, විදුලිබල අමාත්‍යවරයා මෙන්ම තවත් බොහෝ දෙනා සිටින බවට සුනිල් හදුන්නෙත්ති චෝදනා කරයි. විදුලිය අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති වරයා විසින් මහජන උපයෝගීතා කොමිසමට චෝදනා කරන්නේ, විදුලිය අර්බුදය පිටුපස එතුමාගේ හිතවතුන්ද විදුලිය ජාවාරමට සම්බන්ධ නිසා බව ඔහු පවසයි.