විග්නේශ්වරන්ගෙන් ජනපතිට දෝෂාරෝපණ

0
476
- Advertisement -
Share

පහුගිය මහින්ද රාජපක්ෂ සමයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේ දි ඉඩම් අක්කර 75ක් යොදා ගනිමින් ඉදිකල යාපනය ජනාධිපති මන්දිරය අවට හිස් ඉඩම් මේ දක්වා මුල් අයිතිකරුවන්ට ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා පවසනවා.

එතුමා මේ බව සදහන් කළේ යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේදියි.

එහිදි ඔහු වැඩි දුරටත් සදහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වීමෙන් අනතුරුව යාපනය නගරයේ සංචාරයකට එක් වුණු අවස්ථාවකදි යාපනය ජනපති මන්දිරය අවට ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබාදෙන බව පැවසුවද ඒ පොරොන්දුව මේ දක්වා ඉටු නොවුනු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =