වෑන් මිනිසා වනවාට වඩා පෑඩ් මිනිසා වීම ගෞරවණීයයි.

0
985
- Advertisement -

ගැහැණු දැරිවියන් සහ කාන්තාවන් වෙනුවෙන් නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දෙන බවට තමන් සිදු කළ ප‍්‍රකාශය ප‍්‍රතිවාදී පාර්ශ්වය තමන්ට අවමන් කිරීම සදහා භාවිතා කර තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන්ගේ ප‍්‍රකාශයෙන් පසුව, ඇතැම් අය තමන් පෑඞ් මෑන් ලෙස හදුන්වා ඇති බවත්, පෑඩ් මෑන් කෙනෙකු වීම වෑන් මෑන් කෙනෙකු වීමට වඩා ගෞරවණීය දෙයක් බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කෙසේ වෙතත්, ගැහැණු දැරිවියන් සහ කාන්තාවන්ට නොමිලයේ සනීපාරක්ෂ තුවා ලබා දීමට ගෙන තිබෙන තීරණය තමා ජනාධිපති වූ පසුව කි‍්‍රයාත්මක කරන බවද ඒ මහතා පවසයි.