වැලි ජාවාරම් කරුවෝ
පොලිස් නිළධාරියා මරා දමා පලා යයි.
කොබෙයිගනේ පොලිස් වසමේ නිළධාරීන් පිරිසක් විසින් නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් පිරිසක් වැටලීමට යාමේ දී – වැලි ජාවාරම් කරුවන් විසින් ටිපර් රථයකට පොලිස් නිළධාරියෙකු යට කර පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
වැලිජාවාරම්කරුවන් විසින් ටිපර් රථයට යටකරනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා මියගොස් තිබේ. ඔහු කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ 32 හැවිරිදි පොලිස් නිළධාරියෙකි.
දැදුරු ඔයේ වැලි ගොඩදැමීම නීතියෙන් තහනම් කර ඇතත්, ජාවාරම් කරුවන් දිගින් දිගටම නීතිවිරෝධීව දැදුරු ඔයේ වැලි ගොඩ දැමීමේ කටයුතුවල නිරතවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.