වැලි, කළුගල් සහ පස් බලපත‍්‍ර හිමි මැති ඇමතීන්ගේ නම් හෙළි කිරීමට ඇමති අමරවීර සූදානම්.

0
365
- Advertisement -

වැලි, කළුගල් සහ පස් බලපත‍්‍ර හිමි
මැති ඇමතීන්ගේ නම් හෙළි කිරීමට
ඇමති අමරවීර සූදානම්.


මහජන ඡුන්දයෙන් ජනතාවට සේවය කිරීමට බව පවසා පාර්ලිමේන්තුව පළාත් සභාවට හෝ පලාත් පාලන ආයතන සදහා තේරී පත්වන මන්ත‍්‍රීවරුන්ට වැලි, කළුගල් හෝ පස් බලපත‍්‍ර ලබා ගැනීමේ සදාචාරාත්මක අයිතියක් නැති බව, පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එම පිරිස් සදහා අදාල බලපත‍්‍ර ලබා නොදීමට ගෙන තිබෙන තීරණය පිළි ගැනීමට ඔවුන් සූදානම් නොවන්නේ නම්, වැලි කළුගල් සහ පස් කැපීමේ බලපත‍්‍ර ලබා ගෙන තිබෙන සහ ඒ සදහා අයදුම්කර ඇති මැති ඇමතීන්ගේ නම් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බව, අමාත්‍ය අමරවීර පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 20 =