වැලිගම දී මාස දෙකක් වයසැති තවත්
බිළිදෙකු ආදාහනය කරයි.
කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති, මාස දෙකක් වයසැති තවත් බිළිදෙකු, වැලිගම දී, ඊයේ දිනයේ දී ආදාහනයට යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වැලිගම නගරාධිපති, රෙහාන් ජයවික්රම මහතා ට්වීටර් පණිවිඩක් තබා තිබේ.
අදාල ප්රවෘත්තිය හද කම්පා කරවන ප්රවෘත්තියක් බව පවසන ඒ මහතා, බිළිදු මළ සිරුර භූමදානය කිරීමට අවසර ලබා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ද සදහන් කරයි.
