වැලිකඩ රැදවියන් ඝාතනය කිරීමේ චෝදනා ලැබූ නියෝමාල් රංගජීව යළි සේවයේ පිහිටුවයි.

0
2330
- Advertisement -

සේවය අත්හිටුවනු ලැබ සිටි පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ, සේවය අත්හිටුවන විට ඔහු සේවයේ යෙදී සිටි පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථානයටම අනියුක්තවයි. 

රට පුරා සිදුවූ ප‍්‍රමුඛ මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සඳහා පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව දායකත්වය ලබාදී තිබෙනවා.

පිළියන්දල ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ඔහු වෙඩි තැබීමකටද ලක් වුණා.

කෙසේවෙතත් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහු ද චෝදනාවට ලක් වූ අතර ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද ඒ අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 20 =