වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ට ස්ථාන මාරුවීම්

0
792
- Advertisement -

බූස්ස සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාර වෙත වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 150 දෙනෙකු පමණ මාරු කර යවා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ. ඩබ්. තෙන්නකෝන් මහතා සඳහන් කළේ, එම පිරිස අතර, මරණ දඬුවම නියම වූ සිරකරුවන් 69 දෙනෙකු ද වන බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියම වූ රැඳවියන් රඳවා සිටින මැදිරි ආශ්‍රිතව සිදුකෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන්, එලෙස රැඳවියන් මාරුකර යැවුණු බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා.

එලෙස මාරු කෙරුණු රැඳවියන් පිරිස ලබන මාසය තුළ යළි වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ඒමට නියමිත වනවා.

මේ වන විට බූස්ස සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂාවක් යොදා ඇතැයි ද, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.