වැලිකඩ බන්ධනාගාරයේ සමූල මිනිස් ඝාතනය. ඊයේ පැවති නඩුවේ විස්තර.

0
1026
- Advertisement -

වැලිකඩ ප්‍රධාන ජේලර් මහාධිකරණයේ සාක්ෂි දෙයි.

අද දින කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී 2012 වසරේ නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කෙරුණු ලැයිස්තුගත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ නඩුකරය ආරම්භ කරමින් එවක එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ධුරය දැරූ කුඩාබන්ඩාර මහතා පළමු සාක්ෂිකරු වශයෙන් සිය සාක්ෂි ලබා දීම ආරම්භ කරන ලදි. සාක්ෂිකරුවන්ට පෙර නීතිපති දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා දීර්ඝ ප්‍රකාශයක් සිදුකරමින් ත්‍රිපුද්ගල විනිශ්චයකාරවරුන් ඉදිරියේ කියා සිටියේ වැලිකඩ බන්ධනාගාර ලැයිස්තු ගත ඝාතනය අදෘශ්‍යමාන පුද්ගලයෙකුගේ අණ දීමක් මත සිදු කරන ලද්දක් බවත්, එම ඝාතනය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුව ඇති කෲරතම ඝාතනයක් බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් යන මහත්වරු විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (14) කියා සිටියහ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා තේරුම් කරදීමෙන් අනතුරුව මෙම චෝදනාවන්ට තමන් නිවැරදිකරුද, වැරදිකරුද, යනුවෙන් විනිසුරු මඩුල්ල කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් විත්තිකරුවෝ එසේ පැවසුහ.

අද දින තුළදී කුඩාබන්ඩාර මහතා සිය සාක්ෂිය පැය 3කට ආසන්න කාලයක් විවෘත මහාධිකරණයේදී ප්‍රකාශ කල අතර, ආයුද සන්නද්ධව අවසරයකින් තොරව බන්ධනාගාරයට 9 වැනිදා දහවල් පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළුවීම දක්වා තමන් සියැසින් දක්නා ලද සාක්ෂි ඉදිරිපත් කළ අතර ලබන 16 වැනිදා පස්වරු 12.45ට නැවත් සාක්ෂි විමසීම සිදු කිරීමට නියමිතය.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.

නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

2012 නොවැම්බර් මස 9 වැනිදා හා ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අධිචෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ මාධව තෙන්නකොන්, රජයේ නීතිඥ කසුන් සරත්චන්ද්‍ර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ රෙක්සි පියදාස මහතා සමඟ නීතිඥ සේනක පෙරේරා මහතා පෙනී සිටියේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් කෙෂේත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.

මීට අමතරව චූදිතයන් ලෙස නම් කළ දෙදෙනෙකු අතරින් ඉන්දික සම්පත් නැමැති බන්ධනාගාර නිලධාරියා මෙරටින් පළාගොස් ඇති බවට පසුගිය වසරේදී මාධ්‍ය වාර්තා කළ අතර, මේ සම්බන්ධයෙන් දිගින් දිගටම 2012 වසරේ සිට වාර්තා කළ මාධ්‍යවේදීන්ට සහ එම නඩුවේ වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සේනක පෙරේරා හා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සුදේශ් නන්දිමාල් යන අයගේ නිවෙස් වලට වෙඩි තැබීම්, මරණ තර්ජන කිරීම් විත්තිකාර පාර්ශව විසින් සිදුකරන ලදි. ඒ සම්බන්ධයෙන් ද මෙම ප්‍රධාන විත්තිකාර පාර්ශව දෙක සම්බන්ධයෙන් අපරාධයක සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිය මගින් එම පනත ප්‍රකාරව නෛතික කටයුතු සිදු කර තිබේ. මෙම නඩු විභාගය සියැසින් දැක බලා ගැනීමට පොදු මහජනතාවට හැකි අතර ලබන සිකුරාදායින් පසුව බදාදා සහ සිකුරාදා දිනවල දිගටම සාක්ෂි විමසීම් පැවැත්වේ.

උපුටා ගැනීම; මාධ්‍යවේදී කසුන් පුස්වෙල්ලගේ මුහුණු පොතිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 9 =