වැලිකඩ බන්ධනාගාරයේ තිබී ජංගම දුරකථන සොයා ගනී

0
635
- Advertisement -

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ (19) වැලිකඩ බන්ධනාගාර රෝහලේ තිබී ජංගම දුරකථන 4ක් සොයාගෙන තිබෙනවා. එම ජංගම දුරකථන 4න් 2ක් සාමාන්‍ය වර්ගයේ දුරකථන වන අතර අනෙක් දුරකථන 2ක ස්මාර්ට් වර්ගයේ ඒවා බවයි වාර්තා වුණේ.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ තුන්වන වාට්ටුවේ තිබී මෙම දුරකථන සොයාගෙන තිබෙන අතර එම වාට්ටුවේ බන්ධනාගාර රැදවියන් 45 දෙනෙකු පමණ ප‍්‍රතිකාර ලබනවා.

වෙළඳ පොලේ රුපියල් 1500 ක් පමණ වන ජංගම දුරකථනයක් බන්ධනාගාර රෝහල තුලදී රුපියල් 25,000ක් වැනි මුදලකට අලෙවි වන බවද සඳහන්. ඊයේ සොයාගත් මෙම දුරකථන 4, පරීක්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − six =