වැලිකඩ බන්ධනාගාරයෙන් පලාගිය පූසා කොටුකර ගනී.
හෙරොයින් ජාවාරමට යොදා ගනු ලැබූ පූසෙකු, වැලිකඩ බන්ධනාගාර බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර, පසුව, එම පූසා අත් අඩංගුවෙන් පලා ගොස් ඇති බව වාර්තා විය. පූසාගේ පලා යාම විදෙස් මාධ්‍ය පවා වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත්, පලා ගිය පූසා යලි අල්ලා ගැනීමට බන්ධනාගාර නිළධාරීන්ට හැකි වි තිබේ. සැබැවින්ම පූසා පලා ගොස් නොතිබුණු අතර, බන්ධනාගාර පරිශ්‍රය තුළම ඔබ මොබ සක්මන් කරමින් සිට ඇත.
මුල් අවස්ථාවේ මෙම පූසා අත් අඩංගුවට ගන්නා විට, උගේ බෙල්ලේ හෙරොයින් ග්‍රෑම් දෙකක්, සිම් කාර්ඞ් දෙකක් සහ මෙමරි කාර්ඞ් එකක් සහිත පැසක් එල්ලා තිබුණි.